රිච් ගන්න මාලනී ගැන ගොසිප් ලියන ගොසිප්කාරියන්ගේ කනට සෙරප්පු පහරක්
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ජිවිතයෙන් සමු අරගෙන දැන් සතියක් ගත වී තිබෙනවා. දැන් දැන් ඇයගේ නාමය සමාජයෙන් මැකී යමින් තිබෙනවා.
නමුත් සමාජයේ කුණු සොයන සහ තමන්ගේ රිච් එක වැඩි කර ගන්නා සමහර මාධ්‍යවේදියෝ කියන ගොසිප්කාරියන් තවමත් මාලනී ෆොන්සේකාගේ නම විකුණන් කන බවක් දැකිය හැකි වනවා.
මාලනී ෆොන්සේකා මිය ගියාට පසුවත් ගොසිප් ලියන උන්ට මම මේ ලිපිය ලියන්නේ. මේ බලන්න. සමහරු නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා.
ඇත්තටම කියන්න හරිම කණගාටුයි. අපේ මේ සිංහල ජාතිය තරම් අනුන්ගේ වැරදි හොයන්න උපන් ජාතියක් තවම ලෝකෙ ඉපදිලා නැතිව ඇති, මේ ලෝකේ වැරදි නැති කෙනෙක් නැහැ. වැරදි කරන්නත් හේතු තියනවා.
මේ වෙලාවේ ඇයට මඩ ගහන්න එපා. අපිට අවශ්‍ය වටිනා කෙනෙක් අපිට නැති වුණේ. ලස්සන රැජිනක් අපෙන් වෙන් වුණේ. අපි ඇයට සමාදානයෙන් සැතපෙන්න කියල ප්‍රාර්තනා කරමු! 🥹😪💔🥀🙏🏳️
සජිත් පට්ටිකුඹුර යන ය විසින් මෙම සෙරප්පු පහර ගොසිප් ලියන උදවිය ඉලක්ක කරන මෙම ලිපිය පල කර තිබුනා. විශේෂයෙන් ගොසිප් ලියන කාන්තාවන් ඉලක්ක කරගෙන මෙම ලිපිය පල වී තිබුනා.
මලානි ෆොන්සේකා ගැන ගොසිප් ලියන ගොසිප් කාරියන්ට මගෙන් කනට සෙරප්පු පහරක් .... මෙන්න මේ ආකාරයෙන් ලිපියක් අද මුහුණු පොතේ පල කර තිබුනා. මෙම ලිපිය පල කරන්නට ඇත්තේ සමහර විට මාලනිගේ ඥාතියෙක් එසේ නැති නම් හිතවතෙක් හෝ රසිකයන් වෙන්න පුලුවන්.
