අද ලංකාවට වසර 14කට පසුව කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගන්නට හැකියාව ලැබෙයිද..

Galle Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team
By Piyumika Sep 26, 2024 02:59 AM GMT
Piyumika

Piyumika

Report

 ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ පාර මොකද මේ..ජනාධිපතිවරණයේ ඡන්දය ගැන විශ්ලේෂණයක් තියන්න සුදානමක්..

ඒ පාර මොකද මේ..ජනාධිපතිවරණයේ ඡන්දය ගැන විශ්ලේෂණයක් තියන්න සුදානමක්..

පළමු ටෙස්ට් තරගයෙන් සුපිරි ජයක් හිමිකර ගත් සිංහයින් අදින් ඇරඹෙන මෙම තරගයට පිවිසෙන්නේ තරගාවලිය ජය ගැනීමේ අරමුණ ඇතිවයි.

මෙම තරගයට ජය ගතහොත් හෝ ජයපරාජයෙන් තොරව නිමා වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 14කට පසුව කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගන්නට හැකියාව ලැබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි ..

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි ..

ආබාධයකට ලක් වු වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවුම් ලද දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස්ට හෙට ජගත් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.ඔහු 9 ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගන්නා 167 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වනු ඇති.

මීට අමතරව මිලාන් රත්නායක ද මෙම තරගයට කැඳවා තිබෙන අතර ඒ අනුව රමේෂ් මෙන්ඩිස්ට සහ ලහිරු කුමාරට සිය ස්ථානයන් අහිමිව ගියා.

ඔන්න මහ ඡන්දෙට එයාලත් වැඩ පටන්ගෙන..

ඔන්න මහ ඡන්දෙට එයාලත් වැඩ පටන්ගෙන..

මේ අතර ICC ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලින කිරීමට අනුව ස්ථාන 5ක් ඉදිරියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මීට අමතරව ටෙස්ට් පිතිකරුවන් අතර ස්ථාන තුනක් ඉදිරියට පැමිණි කමිඳු මෙන්ඩිස්ට එහි 16 වැනි ස්ථානයට හිමිවෙද්දී,දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා 17 වැනි ස්ථානයේ සමතැන් ගෙන ගත්තා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%