ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්..

By Piyumika Nov 04, 2024 06:49 AM GMT
Report

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද..

ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත.

සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළේය.

අයි රත්තරන් ඔයා මෙච්චර ගණන්..

අයි රත්තරන් ඔයා මෙච්චර ගණන්..

ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්.. | Sl Civil Aviation Authority Has A New Chairman