ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද..

By Piyumika Nov 04, 2024 06:38 AM GMT
Report

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි.

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබුණි. ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද.. | Sri Lanka Telecom Has A New Chairman