නුගේගොඩ මහා ජන හඬ රැළියදී සජබ ලිස්සන ලකුණු

Report

ආණ්ඩුවට එරෙහිව එළඹෙන 21 වැනිදා නුගේගොඩහිදී පැවැත්වීමට නියමිත ‘මහා ජන හඬ’ නම් විරෝධතා රැළිය සඳහා සමගි ජන බලවේගය තවමත් තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මෙම රැළිය සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ රැසක් එක්වීමේ බලාපොරොත්තුවක් ඇති අතර, ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල මහලේකම්වරුන් ඇතුළු නායකයින් එක්වී සිටියහ.

වැලිගම සභාපති ඡන්දෙට එද්දී කිසිම චෝදනාවක් තිබ්බේ නෑ - සුජීව සේනසිංහ

වැලිගම සභාපති ඡන්දෙට එද්දී කිසිම චෝදනාවක් තිබ්බේ නෑ - සුජීව සේනසිංහ

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්;

“විපක්ෂයම නොවැම්බර් 21 එක පොකුරට නුගේගොඩට... විශ්වයේ කොතැන සිටියත් සිටිය යුතු එකම තැන”

මෙම රැළිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට, දූෂණයට සහ මූල්‍ය අකාර්යක්ෂමතාවන්ට එරෙහිව ජනතාවගේ හඬක් ලෙස ඉදිරිපත් කරමින්, විපක්ෂයේ ඒකාබද්ධත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සංවිධානයට සම්බන්ධ වී ඇති පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් ඇතුළත් බව මාධ්‍ය හමුවේදී විපක්ෂ නියෝජිතයින් පැහැදිලි කළහ.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

මෙය 2022 'අරගලය' කාලයේ නුගේගොඩහිදී පැවැත්වූ විරෝධතාවලට සමාන ආකාරයේ ජන රැළියක් ලෙස සැලසුම් කර ඇති අතර, එහිදී ජීවන වියදම් ඉහළ යාම, බදු වැඩිවීම් සහ ආර්ථික සංකීර්ණතාවන්ට එරෙහිව මහජන මතවාද ප්‍රකාශ කිරීමේ අරමුණ ඇත.

මේ අතර, ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, විපක්ෂයේ ඇතැමුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීම ‘බොරු ආණ්ඩු විරෝධයක්’ මතු කිරීමට හේතු වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “පාතාලේ මරන්නේ පාතාල සබධතා ඇති අය විතරයි... අනික් අය බය වෙන්න ඕන නෑ” යනුවෙන් විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරමිනි. 

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි