තුෂාර ඉඳුනිල් සහ සජබ මන්ත්රීවරුන් පළාත් සභා මැතිවරණයට සූදානම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ ආණ්ඩුව විසින්ම ඔවුන්ගේ ක්රියාකාරකම් තුළින් ජනතා විශ්වාසය පළුදු කරගන සිටින බවයි.රටේ සමස්ථ ජනතාව රැවටිලා දුන්න ජන වරමෙන් නැවත ඔවුන් හැරෙමින් සිටින බවත් එතුමා සදහන් කරන ලදි.
ඒ පිළිබදව තව දුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා;
''සජබෙ යම් පසුබෑමක් ලැබුවා මැතිවාරණ වලින්. අපි කලබල වෙන්නේ නැතිව ඉවසීමෙන් බලාගන හිටියා npp මහත්වරු වැඩ කරන දිහා .දිනපතා දවස ගානේ ඔවුන් විසින් ඔවුන්ගේ ඇදුම් ගලව ගනිමින් ඉන්නවා.පළාත් පාලන මැතිවරණයෙදී ඒ ඇදුම් වලින් කොටසක් ගලවා ගත්තා.දැන් මං හිතන්නේ තවත් භාගයක් ගලවගන ඉවරයි.අපිට අමුතුවෙන් දෙයක් කරන්න නැහැ.
ඔවුන්ගේ ක්රියාකාරකම් තුළින්ම ඔවුන් ජනතා විශ්වාසය පළුදු කරගන ඉන්න බව පේනවා.අපිත් නව මුහුණු වරකින් අපේ සංවිධාන කටයුතු කරගන යනවා.අපේ නායකයො වෙනස් වෙන්නේ නැහැ. විවිධ උපාය උපක්රම හැඩ තල වෙනස් වෙන්න පුළුවන්.බස් එක ඩ්රයිවර් එකයි,බස් එක ධාවන කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්.රටේ සමස්ථ ජනතාව ඒ රැවටිලා දුන්න ජන වරමෙන් නැවත ඔවුන් හැරෙමින් ඉන්නවා.අපි ඒ සදහා නායකත්වයක් උත්තේජනයක් රුකුලක් ලබාදෙමින් ඉන්නවා.''
''ඒ සදහා කටයුතු කරන දෙපාර්ශවයේම අදහස් වැදගත් වෙනවා.අනෙක් පාර්ශවය වංක චේතනාවෙන් අපේ කරමතින් ගමනක් යන්න බලනවනම් ඒකත් වැරදී. අපි ඔවුන්ව ගිලගන ගමනක් යන්න හදනවනම ඒකත් වැරදී.දෙපාර්ශවයේම අවංක උවමනා ,පරමාර්ත මත ඒ සාකච්ජා ඉදිරියෙදී සාර්ථක වෙයි.''
''කුරුනෑගල දිස්ත්රික්කයේ ඊළගට තරග වදින්න ඉන්න අපේක්ෂකයා මට උඩින් පාර්ලිමේන්තුවට ගිය කවුරු හරි ඉල්ලා අස්වෙලා පළාත් සභා මැතිවරණයට තරඟවැදීමේ සූදානම් වනවනම් අපි උදව් කරනවා.ඒ තුන්දෙනා ඉල්ලන්නේ නැත්නම් ඊළග අවස්ථාව මම බලාපොරොත්තු වෙනවා.''