කොළඹ නගරාධිපති වෙන්න SJB අපේක්ෂක බහුතරය පන්නයි - තීරණාත්මක සටන හෙට

Report

සමගි ජන බලවේගයේ (SJB) නාගරික මන්ත්‍රී රීසා සාරුක්ට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අවශ්‍ය බහුතර සහාය හිමි වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ සහාය අවශ්‍ය වන අතර, රීසා සාරුක්ට දැනටමත් මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය අත්සන් සහිතව ලැබී ඇති බව සඳහන් වනවා.

ආරංචි මාර්ග පවසන්නේ මෙම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිත ලේඛනයක් සකස් කර ඇති බවයි.

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

කෙසේ වෙතත්, මෙම 62 දෙනා අතරට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ (UNP) ටෝනි රම්සි මන්ත්‍රීවරයා ඇතුළත් නොවන බව වාර්තා වනවා.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බව ප්‍රකාශ කර තිබීමත්, ටෝනි රම්සි මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර රීසා සාරුක්ට සහාය නොදෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබීමත්ය.

කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 48ක් හිමි වූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 69ක් හිමි වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීයි.

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නගරාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) පැවැත්වීමට නියමිතවනවා.

එහිදී කොළඹ නගර සභාව වැඩිම කාලයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇති බව සඳහන් වනවා. 

හැමෝම බලන් හිටපු කොළඹ පුරපති සටනේ අවසාන තීන්දුව

හැමෝම බලන් හිටපු කොළඹ පුරපති සටනේ අවසාන තීන්දුව