අත්අඩංගුවට ගත් අනුර වල්පොලට ඇප

Report

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අඳාළ නියෝගය නිකුත් කළා.

මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා. එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කර තිබෙනවා.

අනුර වල්පොල අත්අඩංගුවට

අනුර වල්පොල අත්අඩංගුවට

අල්ලස් කොමිසම මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 වසරේ ජනවාරි මස 30 වන දින ඩී. අනූපමා නමැත්තිය අදාළ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ තනතුර වෙනුවෙන් විධිමත් ආයතනික පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවාගැනීම තුළින් ඇයට වාසියක් සලසා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින්.

එසේම අඳාළ සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එබැවින් සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව නැවත ජනවාරි මස 23 වන දා කැඳවීමටද නියම කර ඇත.

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට