රියදුරුට නින්ද යාමෙන් ළමුන් 6ක් රෝහලට..

Report

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ දී ලොරි රථයක ගැටී ළමයින් හයදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අනතුරකට ලක් වී තිබේ .

පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියාගේ මාස්ටර් ප්ලෑන් එක වතුරේ..

රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියාගේ මාස්ටර් ප්ලෑන් එක වතුරේ..

අනතුරින් තුවාල ලැබු ළමුන් මේවන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වනුයේ .

තුවාල ලැබු දරුවන් වයස අවුරුදු 11- 12 අතර දරුවන් බවයි වාර්තා වන අතර පොලිසිය වැඩිදුරටත් පැවසුවේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.