''ඔයා යන්නෙ , අම්මෙකුට පුතෙකු වෙනුවෙන් ලියන්න පුළුවන් සුන්දරම වචන , ඔයාගෙ අම්මා ලවා ලියවලයි ,, චන්දි කොඩිකාරගේ ආදරණීය පුතු ගැන තවත් සංවේදී කතාවක්

Report

බොහෝ දෙනෙක් දන්න ප්‍රසිද්ධ ලේඛිකාවක් තමයි චන්දි කොඩිකාර කියන්නේ ඉති ඇයගේ ආදරණීය පුතු අවසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තා. අම්මෙකුට තමන් ජීවත්ව ඉන්න්නැද්දී දරුවෙක්ගේ මියයාම දරාගන්නම අමාරු කාරණයක් .

ඉතිං ඇයට මේ දුක දරාගන්න ශක්තිය ලැබෙන්නට ඕනේ . ඔහුගේ මරණයට හේතුව අසනීප තත්වයක් බවයි වාර්තා වුණේ .කෙසේ වෙතත් මේ ගැන සමාජ මාධ්‍ය‍යෙත් කතාබහට ළක් වෙලා තිබුණා.

කෞෂල්‍යා ජයලත් නම් තවත් ඇයගේ මිතුරු ලේඛිකාවක් මේ ගැන සංවේදී සටහනක් මුහුණුපතට එක්කරල තිබුණා   

''රත්සර , ඔයා යන්නෙ , අම්මෙකුට පුතෙකු වෙනුවෙන් ලියන්න පුළුවන් සුන්දර ම වචන , ඔයාගෙ අම්මා ලවා ලියවලයි. අවම වශයෙන්, මේ පරම්පරාවෙ අවසාන අම්මාත් මිහි මතින් සමුගන්නා තුරුවත් , මේ වචන ඔවුන් මුමුණාවි. එය නිසැක යි.

මේ ගීතය අහල ඉවර වෙලා.... හැමදාම මං අඬනවා. ඒත් අද ඉඳන්, පටන් ගත්තු වෙලේ ඉඳන් ම මං අඬාවි. ඔයයි අම්මයි ගැන මට තියෙන අනිත් මතකෙ තමයි.. හැමදාම මැයි 2 දාට .. ඔයාගෙ අම්මා හරිම ආඩම්බරෙන් ලියනවා... " අද මගේ උපන්දිනය.. මං දෙවෙනි වරට මවක් වුණෙත් අද... ඒ නිසා අද මගේ පුතාගෙත් උපන් දිනය" කියලා.. ආයි කවදාවත් චන්දි අක්කා... එලෙස නොලියාවි. අපටත්... අප දෙස... අපේ ආදරණීයයන් දෙස නැවත හැරී බලන්නට.... මේ මොහොත උපරිමව ප්‍රයෝජනයට ගෙන.. ඔවුන්ට වැඩි වැඩියෙන් ආදරය කරන්නට.. අපට පාඩමක්

උගන්වමින් ඔබ සමුගෙන ගිහින්.. ඔයාට සන්සුන් සාංසාරික ගමනක් උරුම වේවා. 💛 Chandi Kodikara අක්කා ශකුවි අයියා ඇතුළු පවුලේ සැමට මේ අසීරු මොහොත දරා ගැනීමට ඇවැසි ශක්තිය ධෛර්යය ලැබේවා. 

සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයි

නැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුළ සකසන ලීලයයි ගලා එන මඳ නල කියන්නේ එකම එක පද පේලියයි

මගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය යුතු කාලයයි

නුඹට ජීවය දිදී රැකගත් නවාතැන්පළ මා ළයයි

මවක හා පුතු බැඳෙන රන් හුය සොබාදහමේ තාලයයි

දෙවන වර ජීවිතය දෙන්නේ සොඳුරු ළඳකගෙ ආලයයි

එලඹ ඇත්තේ ඇගේ දෑසින් ලොව බලන්නට කාලයයි

උපන් දා සත් පියුම් නොපිපුණි එහෙත් අසිරි ම යාමයයි

සඳුන් ගැටයක් මිටේ නොතිබුණි සුරතලින් දුක පාව යයි

එවන් නුඹ හෙට ඇයට පවරමි,

නුඹෙ සතුට මගෙ හීනයයි ඇය නිසා මම අත්හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි  ''

Gallery