කුස්සිටේ තියෙන ලුණු කැටේකින් නිළියක් - නළුවෙක් වගේ ලස්සන වෙන සරල ක්‍රම කීපයක් මෙන්න - සති දෙකෙන් ප්‍රතිඵල

Report

ලුණු කියන්නේ නිවසක තියෙන අත්‍යවශ්‍යම දෙයක්.කුස්සියක නම් ලුණු කැටයක් නැති වෙන්නේ නෑ. වෙළඳපොළෙන් මිලදී ගත්තත් සහනදායී මිලකට ගන්න පුලුවන් දෙයක් තමයි ලුණු කියන්නේ.

ඒ නිසාම අද අපි මේ කියන්න යන්නේ ලුණුවලින් ලස්සන වෙනන හැටි. මුලින්ම කිව්වොත් මේ හැම දෙයක්ම ඔයාට ගෙදර ඉඳන්ම අත් හදා බලන්න පුළුවන් දේවල්.එනිසා ලොකුවට කාලයක් මුදලක් වැය වෙන්නෙත් නැහැ. මුලින්ම අපි බලමු කොහොමද අපි ලුණු වලින් ලස්සන වෙන්නේ කියලා.

කුස්සිටේ තියෙන ලුණු කැටේකින් නිළියක් - නළුවෙක් වගේ ලස්සන වෙන සරල ක්‍රම කීපයක් මෙන්න - සති දෙකෙන් ප්‍රතිඵල | Simple Tips For Glowing Skin In 2 Weeks

කහ ගැහුණු දත් සුදු කර ගැනීමට

බොහෝ දෙනෙක්ගේ දත් අව පැහැ ගැන්වී තිබෙනවා.වෙළඳපළේ දන්තාලේප කොයිතරම් භාවිතා කරත් මේ දත් සුදු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.හැබැයි බ්‍රේකින් සෝඩා ටිකක් එක්ක ලුණුත් සමානව ගෙන මිශ්‍රණයක් ලෙස සකසා දත්වලා ආලේප කර දත් මැදීමෙන් පැහැපත් සුදුවන් දත් දෙපළක් හිමිකර ගැනීමට ඔබට හැකියාව ලැබේ.හැබැයි ඔබ මේ කලයුත්තේ මසකට දෙවරක් පමණකි.

සමේ ඇති තෙල් ඉවත් කර ගැනීමට

ඔබට ඇත්තේ අධික තෙල් සහිත සමක් නම් කුඩා ස්ප්‍රේ බෝතලයකට ලුණු කුඩු සහ ජලය එකට එකතු කර මිශ්‍ර කර හොඳින් සොලවා සමට ඉස ගන්න.අනතුරුව මද වේලාවක් තබා පිරිසුදු ලෙන් සුවකින් පිස දාගන්න.

කුස්සිටේ තියෙන ලුණු කැටේකින් නිළියක් - නළුවෙක් වගේ ලස්සන වෙන සරල ක්‍රම කීපයක් මෙන්න - සති දෙකෙන් ප්‍රතිඵල | Simple Tips For Glowing Skin In 2 Weeks

හිස් සොරි ඉවත් කර ගැනීමට

බොහෝ දෙනෙක්ට වද දෙන කාරණාවක් තමයි හිසේ පවතින හිස් සොරි.ඔබ ස්නානය කරන මොහොතේ හිස් කබල තෙත් කර ලුණු ස්වල්පයක් දමා හිස හොඳින් සම්බාහනය කළහොත්කළහොත් හිස් සොරි ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙයි.

නියපොතු පැහැපත් කර ගැනීමට

නියපොතු වල පැහැය දීප්තිමත් කර ගැනීමට ලුණු තේ හැන්දක් ගෙන එයට ලෙමන් යුෂ තේ හැන්දක් සහ බේකින් සෝඩා තේ හැන්දක් මෙන්ම උණු වතුර කෝප්ප බාගයක් දමා හොඳින් කලවම් කරගත යුතුය.අනතුරුව එම ජලය විනාඩි දහයක් පමණ නියපොතු පොඟවාගෙන සිට හොඳින් නියපොතු පිරිමදින්න.අනතුරුව පිරිසිදු රෙදි කඩකින් තෙත මාත්තු කරගන්න.

සම පැහැපත් කර ගැනීමට

අලපෙති හෝ බීට්රූට් පෙතිවලට ලුණු ස්වල්පයක් දමා මුහුණේ ඇතිල්ලීමෙන් සම පැහැපත් වේ. සමේ මැරුණු සෛල ඉවත් කිරීමට ලුණු කුඩු සහ ඔලිව් ඔයිල් ස්වල්පයක් ගෙන මිශ්‍ර කර ඉන්පසු සාදාගත් මිශ්‍රණය ඇඟිලි තුඩු වලින් ඔබේ මුහුණේ කවාකාර ලෙස අතුල්ලන්න.අනතුරුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙවැනි ක්‍රියාවලින් මගින් ඉතා පහසුවෙන්ම නිවසේදීම ඔබට ලස්සන විය හැකිය.

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

ඔබේ ඉකිළි - කිහිලි කළු නම් මේ දේවල් කරලා බලන්න ලොකු වෙනසක් වේවි

ඔබේ ඉකිළි - කිහිලි කළු නම් මේ දේවල් කරලා බලන්න ලොකු වෙනසක් වේවි