චිකන්ගුන්‍යා ආර්ථිකයට බලපාන ලකුණු
By Hashan
ශ්‍රී ලංකාව තුල මේ වන විට චිකන්ගුන්‍යා රෝගය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තව පවතී.
කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පවසා සිටින්නේ මේ දිනවල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන චිකුන්ගුන්‍යා රෝගයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ ආර්ථිකයට සක්‍රියව දායකවන පිරිස් වීම ගැටළුවක් බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආර්ථිකයට සක්‍රියව දායකවන පිරිස් මෙලෙස රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඉදිරියේ දී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි.
හැකිතාත් තම අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් සම්පුර්ණ ශරීරය ම ආවරණය වන පරිදි ඇදුම් ඇදීම මෙහිදී වඩාත් වැදගත් වේ .