කාලගුණය නිසා දරුවන් අතර ලෙඩ වැඩිවෙයි.
By Hashini
පවතින කාලගුණික තත්ත්වය නිසා දරුවන් අතර ළමා හතිය ඇතුළු රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ පවතින අධික වර්ෂාව, ජල ගැලීම් සහ සීතල වීම නිසා දරුවන් අතර හතිය වැඩි වී තිබෙන බවයි.
එසේම වෛරස් උණ රෝග නිසා ඇති වන ඉහළ ශ්වසන මාර්ගයේ රෝග, පහළ ශ්වසන මාර්ගයේ රෝග සහ නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවීම පවා සිදු වන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
පිරිසිදු ජලය සහ පිරිසිදු ආහාර නොලැබීම හේතුවෙන් දරුවන්ට පාචනය වැළඳීමේ අවකාශය නිර්මාණය වී තිබෙන බව වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසුවා.
වර්ෂා සමයේ ඩෙංගු උණ රෝගීන් වැඩි වීමේ අවදානම සේම මී උණ පැතිරීමේ අවදානම ද පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.