ඇඟේ හයිය පෙන්නන්න ගිහින්...පොලිස් නිලධාරියාට වැඩ වරදී

Report

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ඉකුත් 24 වනදා අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර වූ බහින්බස්වීමක් අතරතුර දී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මෙසේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

පුද්ගලයෙක් පස් කන්දකට යටවෙයි, බේරා ගැනීමට පැයක මෙහෙයුමක්

පුද්ගලයෙක් පස් කන්දකට යටවෙයි, බේරා ගැනීමට පැයක මෙහෙයුමක්

එසේම මේ දිනවල අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

මේ පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු අනුව අඳාළ සිදුවීම ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ බහින් බස්වීමකින් සිදුව තිබෙනවා.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර අඳාළ විඩීයෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.

එසේම මෙම සිද්ධිය පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සඳහන්.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී