නිලධාරීන් හිඟයි . සහනාධාරය ප්‍රමාදයි
සමස්ත දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 35%ක හිඟයක් පවතින බව වාර්තා වී තිබෙනවා. ඒ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය ද පවසා සිටියා.
විෂය භාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් අතර ඊයේ දින (26) පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ බව අනාවරණ වි තිබෙනවා.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ නිලධාරි හිඟය මත පොහොර සහනාධාරයේ දත්ත ලැබීම ප්‍රමාද වී සහනාධාර මුදල් ගෙවීම ප්‍රමාද වන බව හෙළි වී ඇති බවයි.
කෙසේ වෙතත් නිසි පුද්ගලයින්ට පමණක් පොහොර සහනාධාරය නිසි කාලයට හිමි විය යුතු බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
මේ අතර කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ විසින් යම් චක්‍රලේඛයක් හෝ ගැසට් නිවේදනයක් පළ කරන්නේ නම්, රටේ තත්ත්වය මෙන්ම පවතින වටපිටාව පිළිබඳ අවබෝධයෙන් එය සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. මෙම සාකච්චාවේ දී කේ.ඩී. ලාල්කාන්තා මහතා පෙන්වා දුන්නේ ගැසට් හෝ චක්‍රලේඛ නිකුත් කිරීමේ බලය සහ වගකීම අමාත්‍යාංශ සහ එහි ඉහළ නිලධාරීන් සතු වුවද, ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නම් එවැනි අවස්ථාවන් තුළින් රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවත්, අවසානයේ ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත්විය හැකි බවය.
එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අප දැන් සිටින්නේ සංක්‍රමණීය අවදියක බැවින් එහි යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ද ඇති බව යි. ප්‍රමාදයකින් තොරව මහජනයාගේ ගැටළු සහා විසුම් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
