ඉදිරියේදී සහන මිලට පොල්තෙල් ගන්න වැඩපිළිවෙලක්

Latest Headlines Coconut price Sinhala news
By Hashini May 27, 2025 12:53 AM GMT
Hashini

Hashini

Report

 මෙරටට ආනයනය කරනු ලබන පිරිපහදු කරන ලද පොල්තෙල් වෙනුවට වියළන ලද පොල් කැබලි ආනයනය කර දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් සැකසීමට යෝජනා කර ඇති බවයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළයාම ඇතුළු දේශීය පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.

මේ වන විට වෙළෙඳපොළ තුළ පවතින ආහාරයට ගන්නා පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් මෙම වැඩපිළිවෙළ ඔස්සේ ප්‍රමිතියෙන් ඉහළ පොල්තෙල් පාරිභෝගිකයන්ට වෙත ලබාදීමට හැකියාව පවතින බවද එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

ඒ අනුව එලෙස ආනයනය කරනු ලබන පොල් කැබලි පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබාගත් නිෂ්පාදකයන් වෙත ලබාදී අධිකාරිය මගින් නිකුත් කරනු ලබන ලේබලයක් සහිතව ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම අමුද්‍රව්‍ය සඳහා අවම බදු ප්‍රමාණයක් පනවන ලෙස අමාත්‍යාංශ මට්ටමින් මේ වන විට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සභාපතිවරයා කියා සිටියා.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත සහන මිලකට පොල්තෙල් මිලදී ගැනීමේ හැකියාව හිමිවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

ජනතාවට අනතුරු ඇඟවීමක්

ජනතාවට අනතුරු ඇඟවීමක්

ReeCha