තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර මිල ඉහළට - නව අගයන් ඉහළට
මෙරට තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස් සහ පැටිස් ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කරයි.
ඊට අමතරව, ඉඳි ආප්පයක මිල ද රුපියලකින් ඉහළ නැංවීමට එම සංගමය තීරණය කර තිබේ.මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යාම හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (31) මාධ්‍ය වෙත දැනුම් දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ඊයේ (29) පියවර ගනු ලැබීය.
මැදපෙරදිග හටගත් යුධමය වාතාවරණය හමුවේ නැව් සහ රක්ෂණ ගාස්තු මෙන්ම ගෝලීය ධාන්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වූ බව අදාළ පිටි නිෂ්පාදන සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.