උපාධි ප්‍රදානෝත්සවයට ආපු පෙම්වතියව පැහැරගන්න පෙම්වතා දාපු ප්ලෑන මෙන්න - පොලිසියෙන් වාහනේට වෙඩි

Report

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් පැහැරගෙන යාමට උත්සහ දැරූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙම පැහැරගැනීමට උත්සාහ කර ඇත්තේ අදාළ තරුණියගේ පෙම්වතා බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. ඊයේ පස්වරු 1.30ට පමණ මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට නාරාහේන්පිට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවත්වීමට උත්සාහ කර තිබුණත්, එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බව සඳහන් වේ.

BMICH පරිශ්‍රයෙන් තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයට නාරාහේන්පිටදී පොලිසියෙන් වෙඩි

BMICH පරිශ්‍රයෙන් තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයට නාරාහේන්පිටදී පොලිසියෙන් වෙඩි

නාරාහේන්පිට - නාවල මාර්ගයේදී යළිත් රථය නවත්වන ලෙස පොලිසිය සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී රියදුරු මෝටර් රථය අතහැර දමා පලාගොස් ඇති අතර, පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ සිටි තරුණිය සොයාගෙන ඇත. ඇය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැහැරගෙන යාමට උත්සාහ කළ තරුණිය බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවයි. ඔවුන් දෙදෙනාම මාතර වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ තිබේ.

ආදායම් බදු අය කිරීමේ වෙනසක්? අමාත්‍යවරයාගගේ ප්‍රකාශය මෙන්න

ආදායම් බදු අය කිරීමේ වෙනසක්? අමාත්‍යවරයාගගේ ප්‍රකාශය මෙන්න

තොරතුරු වාර්තා වන්නේ ඇය සිය පෙම්වතාට නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ ඇති අතර, ඇය පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියා බවටයි. පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර, තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතද ඉදිරිපත් කර තිබේ. අදාළ මෝටර් රථය තරුණයාගේ වන අතර එය තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් වේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.