ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල දරුණු වෙඩි තැබීමක් - තිදෙනෙක් මරුට

Report

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල අද (07) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීබීසී පුවත් සේවයට අනුව මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් සම්පූර්ණ තහවුරු කිරීමක් සිදු කර නොමැති වුවද, තුර්කි අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

ඒ අනුව මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, කොන්සල් කාර්යාලය අවට ආරක්ෂාව තර කිරීමට තුර්කි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

මෙම වෙඩි තැබීමත් සමඟ තුර්කිය සහ ඊශ්‍රායලය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තවදුරටත් දැඩි පීඩනයක් ඇති විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වටපිටාවක සිදුවූ මෙම ප්‍රහාරය කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට හේතු වී තිබේ.