ගාසාහි ආධාර මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක් - 26ක් මරුට
By Hashini
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ ඊශ්‍රායලය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තවත් පලස්තීන ජාතිකයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල එක්සත් ජනපදයේ සහාය ලත් මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසලයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.