වෙඩි තැබීමේ සිද්ධියකට ඉන්දියාවෙන් ලංකාවට දැඩි විරෝධයක්..
උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ බව කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව ඉන්දීය රජය සිය බලවත් විරෝධය පළ කර තිබෙනවා.
නවදිල්ලියේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස්වරයා ඊයේ (28දා) උදෑසන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විරෝධතාව පළ කර ඇත.
එසේම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
ධීවරයින් සම්බන්ධ ගැටලු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර ඇත.
ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 13 දෙනාගෙන් දෙදෙනකු මෙම ගැටුමෙන් බරපතළ තුවාල ලබා දැනට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් ධීවරයින් තිදෙනකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබා තිබේ.
යාපනයේ ඉන්දීය කොන්සල් නිලධාරීන් තුවාල ලැබූ ධීවරයින්ගේ සුවදුක් සොයා බැලු බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.
You May Like This Video