වසර 32කට පසු ඔලිම්පික් පාපන්දු රන් පදක්කම ස්පාඤ්ඤයට..

By Piyumika Aug 11, 2024 08:08 AM GMT
Report

වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු රන් පදක්කමක් දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණි.

ඒ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය ගෝල 5ට 3ක් ලෙස පරාජය කරමිනි.

ගත වූ පැය 24ක කාලයේ පමණක් මැතිවරණ පැමිණිලි 51..

ගත වූ පැය 24ක කාලයේ පමණක් මැතිවරණ පැමිණිලි 51..

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ සත්කාරක ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ය.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමා වූයේ ගෝල 3ට 1ක් ලෙස ස්පාඤ්ඤයට පෙරමුණ හිමිකර දෙමිනි.

සැඟව සිටි මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරු වසර තුනකට පසු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ..

සැඟව සිටි මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරු වසර තුනකට පසු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ..

දෙවන අර්ධයේදී ප්‍රංශය ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ අනුව නියමිත කාලය නිමා වන විට දෙපිල ම ගෝල 3 බැගින් රැස් කර තිබුණි. අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගෝල දෙකක් රැස් කළ ස්ඤ්ඤය ගෝල 5ට 3ක් ලෙස අවසන් තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණි.