සෞඛ්ය තත්ත්වය මත ශිරන්ති කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට
ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මගින් ඇප මත මුදා හරින ලද අවස්ථාවේදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
එලෙස ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය, වෛද්ය උපදෙස් මත වැඩිදුර වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර සඳහා මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.