නැවතත් රටම අඳුරට - නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ඒකක තුනම අක්‍රීය වේ

Report

ඊයේ (17) දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අක්‍රිය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ඒකක තුනම මෙතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ජාතික විදුලිබල පද්ධතියේ විදුලි නිෂ්පාදනයට බාධා එල්ල විය හැකි බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති. ඊයේ දිවයින පුරා පැය හතකට ආසන්න කාලයක් පැවැති විදුලි ඇණහිටීමත් සමඟ මෙලෙස නොරොච්චෝලේ බලාගාරයේ සියලු ඒකක අක්‍රිය වී තිබේ.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රිය වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

''රට පුරා විදුලිය බිඳවැටුණේ ඇයි?'' - විමර්ශන වාර්තාව මාසයකින්

''රට පුරා විදුලිය බිඳවැටුණේ ඇයි?'' - විමර්ශන වාර්තාව මාසයකින්

ඉහළ කොත්මලේ බලාගාරයේ සිදුවූ දෝෂයක් මෙම විදුලි බිඳවැටීමට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළ ද, සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

මෙම හදිසි විදුලි ඇණහිටීම හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලට සහ ව්‍යාපාරික ස්ථානයන්ට දැඩි බලපෑම් එල්ල වූ අතර, ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසලද දැඩි තදබදයක් හටගෙන තිබිණි.