රටම බලන් ඉන්න ශිරන්තිගේ වෛද්ය මණ්ඩල වාර්තාව අද සවස 4ට රෝහල් අධ්යක්ෂට.. නඩුව හෙට යළි කැඳවයි
රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වෙන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය මණ්ඩල වාර්තාව අද සවස 4 වනවිට රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කර ඇත්තේ එම මණ්ඩලයට වෛද්යවරුන් 14 දෙනෙක් ඇතුළත් බවයි.
ඊශ්රායලයෙන් දාපු තහනම නිසා ඊශ්රායල රස්සා හොයපු ශ්රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්රමිකයන් 1000ක් හිර වෙයි
එමෙන්ම ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ප්රතිකාර කටයුතු වෙනුවෙන් අඳාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්ය මණ්ඩලයෙන් සිදු කරන බව සඳහන්.
එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වෙන ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හෙට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත බව වාර්තා වේ.