වසර 11කට පසු විමර්ශනය සඳහා ශිරන්ති කැදවීම දේශපාලන පලිගැනීමක් - පොහොට්ටුවෙන් නිවේදනයක්

Report

වසර 11 කට පසුශිරන්ති රාජපක්ෂ අද (03) දිනයේ “සිරිලිය” සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, මෙය දේශපාලන මර්ධනයක් බව සඳහන් කරයි.

මෙම විමර්ශනය, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ, ශිරන්ති රාජපක්ෂ සහ තවත් දෙදෙනෙකු හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය “සිරිලිය” නම් ගිණුම හරහා සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරයි.

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත්  කළ නිවේදනය පහතින් උපුටා දක්වා ඇත.

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

අද දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ සිරිලිය සවිය සංවිධානයට අදාළ විමර්ශනයක් වෙනුවෙනි. මෙම මාධ්‍ය නිවේදනය එකී කැඳවීමට අදාළ විස්තරාත්මක කරුණු දැක්වීමකි. සිරිලිය සවිය 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සංවිධාන පනත යටතේ ස්ථාපිත ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. 2006 වසරේ දෙසැම්බර් මස 08 වන දින ලියාපදිංචි අංක FL-111201 දරණ අංකය යටතේ සිරිලිය සවිය නීත්‍යානුකූලභාවය ලබා ඇත.

සිරිලිය සවිය සංවිධානයේ ප්‍රමුඛ අභිලාෂය වූයේ දරිද්‍රතාවය දුරු කරලීම අරමුණු කරගනිමින් මහජන සහන සේවාවන් සහ සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. එතෙක් පැවැති ආයතන ව්‍යුහයන්ගෙන් ආවරණය නොවන පොදු සමාජ සත්කාරක සේවාවන් සහ ප්‍රදානයන් සිදු කිරීම කෙරෙහි සිරිලිය සවිය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබුණි. මෙම සංවිධානයෙන් ඉටු කරන ලද පොදු සමාජ සත්කාරක සේවාවන් පිළිබඳව ප්‍රතිලාභීන් සහ අනෙකුත් බාහිර පාර්ශවකරුන් විසින් පළ කර ඇති කෘතවේදී ප්‍රතිචාර සිරිලිය සවිය සංවිධානයේ කාර්ය භාරයෙහි වටිනාකම තහවුරු කරන ප්‍රබලතම සාක්ෂියයි.

අදටත් උපකාර අවැසි දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව සිරිලිය සවිය සංවිධානයේ සේවාවන් අපේක්ෂාවෙන් මෙම සංවිධානය වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතී. 2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස කීර්තියක් දිනා සිටි සිරිලිය සවිය සංවිධානය පිළිබඳ 2015 ජනවාරි මාසයේ බලයට පත් වූ නව රජය විමර්ශනයක් ආරම්භ කරන ලදි. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සංවිධානයේ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් අවස්ථා ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන විමර්ශන ආයතන වෙත ප්‍රකාශ ලබා දී ඇති අතර එකී සියලු විමර්ශනයන්ට උපරිම සහයෝගය ද ලබා දී ඇත.

2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශන හේතුවෙන් සිරිලිය සවිය සංවිධානයේ මෙහෙයුම් කටයුතු අකර්මන්‍ය විය. සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිරිලිය සවිය සංවිධානය නෛතික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වුවද ඇතැම් විමර්ශකයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එකී උත්සාහය ව්‍යාර්ථ විය. අවසානයේ දී අසරණ භාවයට පත්වූයේ සිරිලිය සවියෙන් උපකාර අපේක්ෂා කළ අහිංසක පොදු මහජනතාවයි. දිගු නිහැඬියාවකින් අනතුරුව වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවීම දේශපාලන මර්ධනයක් බව තේරුම් ගැනීම අපහසු නැත.

මුළු ලංකාවට සුබම සුබ ආරංචියක්

මුළු ලංකාවට සුබම සුබ ආරංචියක්

සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අද දින යළිත් කරුණු විමසා ඇති අතර, එය හාස්‍යට කරුණක් වන්නේ 2015 වසරේදී සිදු කරන ලද විමර්ශනයේ දී අදාළ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ම සිය භාරයට ගෙන තිබීමයි. මෙකී සිදුවීම් පෙළ දේශපාලන වෛරයකින් තොරව කියවා බැලීමේ දී මනා ලෙස ඔප්පු වන්නේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ සාහසික ප්‍රයත්නය තවදුරටත් අඛණ්ඩ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.