වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (09) පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන විත් තිබේ.
ඊයේ (08) දිනයේදී ඒ මහත්මිය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ලබා දුන් වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
අද උදෑසන අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනපති ආර්යාව අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත රැගෙන ගිය බව වාර්තා වේ.