අද කොටස් වෙළඳ පොළ වාර්තාගත ලෙස ඉහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

Sri Lanka Businessman Economy Canada
By Aruna Jan 01, 2025 06:44 AM GMT
Aruna

Aruna

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා.

2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා හය නමක් ඊයේ රෑ කඩා දමයි..සිදුකළ මහා විනාශයක මහත.

අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා හය නමක් ඊයේ රෑ කඩා දමයි..සිදුකළ මහා විනාශයක මහත.


මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක්.

සියලු කොටස් මිල දර්ශකයේ සහ S&P SL20 දර්ශකයේ මෙම අගයයන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් වීම විශේෂත්වයක් වනවා.

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..


මේ අතර ඉතිහාසයේ පළමු වරට මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

You May Like This Video


ReeCha