මුදල් නෝට්ටුවලින් ප්‍රබලයෙකුගේ රුව ඉවතට..!

By Sewvandhi Dec 06, 2024 12:07 PM GMT
Report

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මුද්‍රණය කෙරෙන නව නෝට්ටුවල ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බවය.

කාරණය ඉටු වෙයිද? නැද්ද?..පොලුත් හිඟ මේ කාලේ, නිවැරදිම ක්‍රමේට පොල් ගැසීමෙන් සිදුවන ප්‍රතිඵල දැනගනිමු..

කාරණය ඉටු වෙයිද? නැද්ද?..පොලුත් හිඟ මේ කාලේ, නිවැරදිම ක්‍රමේට පොල් ගැසීමෙන් සිදුවන ප්‍රතිඵල දැනගනිමු..

ශෙයික් මුජිබර් රහමන්ගේ දියණිය වන බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජුලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධුරයෙන් පහ කෙරුණි.

එම විරෝධතාවලදී විරෝධතාකරුවන්,  බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව සහිත ස්මාරක ද විනාශ කිරීමට කටයුතු කර තිබුණි.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටු සඳහා ජුලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

සියලුම බාර් වසා දැමේ..? බාර් ලයිසන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

සියලුම බාර් වසා දැමේ..? බාර් ලයිසන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

…………………………………………………………………………………………

You may like this video 👇