ජනතාව ගැන කලකිරිලා ශෙහාන් සේමසිංහ ගත්ත තීරණය..

Shehan Semasinghe Sri Lanka General Election 2024
By Piyumika Oct 10, 2024 09:58 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට නිවේදනය කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි වූ බවත්ය.

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

රට හා ආර්ථිකය ස්ථාවර වූ විට එහි ප්‍රතිලාභ ජනතවට හිමි වනු ඇති නිසා ජනතාව විසින් එය අවබෝධ කර ගැනීමට සමත්වනු ඇතැයි තමා විශ්වාස කළ බවත් ඔහු එහි සඳහන් කර තිබේ.

නමුත් රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්‍රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව තමා විශ්වාස කළ බවත් එය මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ බවත් ඔහු එම ලිපිය මගින් සඳහන් කර ඇත.

මේ හේතුවෙන් පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බවත් හිටපු රාජ්‍ය ඇමතිවරයා එම ලිපිය මගින් දන්වා තිබේ.

අනුරාධපුරය නොසන්සුන් වෙයි ...අයෙක් නාමපුවරුවක් උඩට නැග දිවි හානි කරගන්නෙයි විරෝධතාවයේ ..(VIDEO/PHOTOS)

අනුරාධපුරය නොසන්සුන් වෙයි ...අයෙක් නාමපුවරුවක් උඩට නැග දිවි හානි කරගන්නෙයි විරෝධතාවයේ ..(VIDEO/PHOTOS)

ශෙහාන් සේමසිංහ මහතා 2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙකි.

එහිදී ඔහු මනාප 119,878ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්විය.