හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් දුෂණයට ලක්වීමේ පුවතක් සමාජ මාධ්‍ය කළඹවමින් වෛරල් වුනා.

එම වෛද්‍යවරිය සිය නිල නිවාසය තුළදී දූෂණයට ලක්වීම සමාජය විශාල පිරිසක් පුදුමයටබ් පත් කල බවයි සඳහන් කලේ.

ඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ සැකකරු විසින් පිහියක් පෙන්වා තර්ජනය කර ඇයව දුෂණය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රහාරක ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇති අතර, පොලිස් කණ්ඩායම් පහක් මේ සඳහා යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

මෙම සැකකරු යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සිටින ප්‍රදේශය දැනටමත් අනාවරණය කර ඇති බව සඳහන්.

මෙම ක්‍රියාවට විරෝධය පළ කරමින්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම වෛද්‍ය සේවාවලින් ඉවත්වී ති‍බේ.

ඔවුන්ගේ ඉල්ලීම නීතිය දැඩිව ක්‍රියාත්මක කර සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමයි.

මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට නීතිය සහ ආරක්ෂක ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීම සහ වෛද්‍යවරුන්ට සහ මහජනතාවට ආරක්ෂිත සේවා පරිසරයක් ලබාදීම අත්‍යවශ්‍යය.

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

කුරුම්බා අලෙවිය පසුපස CIDය

කුරුම්බා අලෙවිය පසුපස CIDය