තව දවස් 02කින්.. ජනවාරි 01 වෙනිදා සිට.. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවයට මොකද වෙන්නේ?.
එළඹෙන 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් ද විශ්‍රාම යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ මහතා, දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වේ.
කෙසේ වෙතත්, ශවේන්ද්‍ර සිල්වා මහතා උතුර සහ නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කැපී පෙනෙන සේවයක් සිදුකළ පුද්ගලයක් වේ.
එමෙන්ම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී සටන් බිමේ සෙන්පතියෙකු වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොව්ඩ් වසංගත සමයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ද කටයුතු කළේ ය.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේ දී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදී.
එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු, සහ වෛරසය පැතිරීම වැළැක්වීම හා සම්බන්ධ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ මෙම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ය.
එමෙන්ම, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීධුරයේ කටයුතු කිරීම අවසන් කිරීමෙන් අනතුරුව ඔහු හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස ද පත්වීම් ලැබීය.
You May Like This Video👇
.