අත්අඩංගුවට ගත් හිටපු ඇමති මනූෂගේ සොහොයුරාට මොකද වුණේ?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

ඒ විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

ප්‍රේමයෙන් හදවත් වසඟ කළ, ප්‍රේමණීය ඇය.. ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

ප්‍රේමයෙන් හදවත් වසඟ කළ, ප්‍රේමණීය ඇය.. ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

එහිදී ඔහුව ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. 

ඊයේ ඔහුව එනම් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැණුනේ  ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ය.

ඒ බිබිල ප්‍රදේශයේ දී ය.

එමෙන්ම, සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.

එහි සඳහන්ව ඇත්තේ අදාල පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බව ය.

ඒ අනුව පෙරේදා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

නමුත් ඔහු එහි සිට නොමැත.

ඒ අනුව සැකකරුව ඊයෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


You May Like This Video👇 

.