සම්බන්දන්ගෙ අභාවයෙන් හිස් වුණ පාර්ලිමේන්තු අසුනට ආ අලුත් කෙනා - මේ දැන් ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..(PHOTO)
හිටපු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ෂන්මුගම් කුගතාසන් පත් කර තිබෙනවා.
ඒ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඒ මහතා ඉලංකෙයි තමිල් අරසු කඩ්චි පක්ෂය නියෝජනය කරනු ලබයි.
මේ අතර, පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා මිය යන විට වයස අවුරුදු 91 දී පසු වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වයස්ගතම දේශපාලනඥයා ද විය.
ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.
1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා 2004 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,