ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුවක් ජීවත්වීමට මරණය සමග පොරයක
වේගපන්දු යවන්නාවූ ක්‍රිකට් තරුවක් වන වූ ෂාපූර් සද්‍රාන් දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටියි.
ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ ප්‍රමුඛ පෙළේ වේගපන්දු යවන්නාවූ ක්‍රිකට් තරුවක් වන වූ ෂාපූර් සද්‍රාන් දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින බව ඔහුගේ සහෝදරයා විසින් සදහන් කර තිබේ .
සද්‍රාන්ගේ සුදු රුදිරාණු ගණන අසාමාන්‍ය මට්ටමකට පැමිණ තිබෙන බව එරට ක්‍රිකට් ආයතනයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
මේ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ බව වාර්තා වේ.
ෂාපූර් සද්‍රාන්ගේ අනපේෂිත රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වනවිට සිය කනගාටුව පළකර තිබේ .
මේ අනුව පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ලතීෆ් පවා සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ මේ වනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවේ .
තවද ෂාපූර් සද්‍රාන් ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 80කට ක්‍රීඩාකර කඩුලු 80ක් බිඳහෙළා ඇත.
ඔහු අවසන්වරට ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහාභාගි වී ඇත්තේ 2020 වසරේ දී වේ.
සිය ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ගනිස්තානය ප්‍රථමවරට එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ජයක් ලැබුවේ 2015දී වේ ෂාපූර් සද්‍රාන් එම කණ්ඩායමේ සාමාජිකයෙකි .
එහි අමතක නොවෙන සිදුවීම නම් සද්‍රාන් විසින් ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තනය එම ජය ලැබුවේ තරගය අවසන්වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී එල්ලකළ හතරේ පහරයි.