වරාපිටියේ සුරූපිනිය නිහඩ කළ කාම ඝාතකයා

Sri Lanka Police Sexual harassment Law and Order Sinhala news
By Mithu May 24, 2025 06:36 AM GMT
Mithu

Mithu

Report

මාතලේ දිස්ත්‍රික්කයේ කටුදෙනිය වරාපිටිය ගම්මානය ඉතා සුන්දර පරිසර පද්ධතියකට උරුමකම් කියූ ගම්මානයක් විය. මෙම ගම්මානයේ බොහෝ පිරිසක් සාමකාමී ජිවිතයක් ගත කරමින් සැහැල්ලුවෙන් ජීවත්ව සිටියේය. ගම්මානයේම හැඩකාරිය වූ නාදීෂා වරාපිටිය සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය විය.

මවගේ හුරතලිය ලෙස, සිය පවුලේම ආදරය විඳිමින් ජිවත් වූ නදීෂාගේ පියා වසර කිහිපයකට පෙර මරණයට පත් වී ඇතත්,සහෝදරයන් තිදෙනාගෙන් ලැබුණු ආදරය නිසාවෙන් පියාගේ අභාවයේ දුක,තනිකම නදීෂාට එතරම් දැනී නොතිබුණි. 2014.05.25 වන වන දින උදෑසන නදිෂාගේ මව කාමරයට පිවිසෙන්නේ වෙනදා මෙන්ම ඇය අවදි කර වීමේ අරමුණින් වූව ද, ඒ වන විටත් නදීෂා සිය කාමරයේ නොවීය.

මව නිවස පුරාම සොයා බැලුවත් නදීෂා සොයා ගැනීමට නොහැකි විය. නදීෂාගේ කාමරයේ වැටී තිබුන ලේ පැල්ලම් දුටු මව මහ හයියෙන් කෑ ගැසුවේය. බුදු පුතේ වරෙන්කෝ.. මවගේ විලාපයෙන් නිවසේ නිදා සිටි සියල්ලෝම අවදි වී නදීෂාගේ කාමරය වෙත පැමිණියේ ය. කළබලයට පත් සහෝදරයන්ට කර කියා ගැනීමට දෙයක් නොතිබූ බැවින් වැඩිමල් සහෝදරයා වූ කල්පන විසින් 119 හදිසි ඇමතුම් අංකය ඇමතුවේ තම නැගණියගේ ජිවිතය බේරා ගැනීමට පොලිසියේ සහය ඉල්ලා සිටීමේ අරමුණෙනි.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

ලද පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හැකි ඉකිමණින් සිද්ධිය වු ස්ථානයට ලඟා විය. මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් නදීෂාව හැකි ඉක්මනින් සොයා ගැණීමේ අරමුණින් සිය විමර්ශන කටයුතු දියත් කරනු ලැබී ය. පළමුව පොලිස් නිලධරයන් විසින් නදීෂාගේ නිදන කාමරය පරීක්ෂා කරනු ලැබූ අතර එහි දී නදීෂා සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය.

අනතුරුව පොලිසිය හා ගම්වාසීන් එක්ව නිවස ආසන්නයේ සොයා බලන්නට විය. සිදු කළ සෝදිසි කිරීම් වලින් අනතුරුව නදීෂාගේ නිවසේ සිට මීටර් 210ක් පමණ දුරින් යාබද ඉඩමක කැලැබද ප්‍රදේශයක් හරහා ගමන් ගන්නා අඩි පාරක් අයිනට වන්නට නදීෂාගේ නිරුවත් මළ සිරුර සොයාගන්නට හැකි විය. නදීෂාගේ මළ සිරුර හමු වු ස්ථානය වෙත පැමිණි මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂනාගාරයේ නිලධාරීන් විසින් අපරාධ ස්ථානය නිරීක්ෂණය කර ඡායාරූප ගත කර ගනිමින් මෙම මරණය සම්බන්ධ සාක්ෂි සෙවීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී.

එහි දී කාමර තුනකින්, සාලයකින්, ගබඩා කාමරයකින් හා කුස්සියකින් යුත් නදීෂාගේ නිවසේ ප්‍රධාන දොරින් පිටතට පැමිණෙන දොරටුවේ ඇති පළමු පඩියේ රුධිර පැල්ලමක් ද දෙවන හා තුන්වන පඩියේ මඩතැවරුණු දකුණු පාදයක පා සලකුණක් ද නිරීක්ෂණය විය. නිවසේ සිට කොන්ක්‍රිට් ඇල දෙසට යන පාරේ, නිවසේ සිට මීටර් 80ක් පමණ දුරින් කොස්කොළයක් මත වූ රුධිර පැල්ලමක් ද නිවසේ ඉඩමට යාබදව පිහිටි වෙල්යායේ කොන්ක්‍රීට් වේල්ල ලඟ කොන්ක්‍රීට් අඩි පාරේ රුධිර පැල්ලමක්ද නිරීක්ෂණය වී ඇත. නදීෂාගේ නිවසට මීටර් 210ක් පමණ දුරින් ඇලේ බැම්මේ ඉහළින් ඇති පාලු ඉඩමක් අයිනේ කැලෑබද ප්‍රදේශයක මෘත දේහය තිබී සොයාගෙන ඇති අතර මෘත දේහය අසල මරණකාරිය පෙර දින රාත්‍රියේ උඩුකයට ඇඳසිටි කොළපැහැති හැට්ටය හා යටිකයට ඇඳ සිටි ඇදුම තිබී සොයාගන්නට හැකි විය.

මෙම නිරීක්ෂණයන්ට අනුව මරණය සම්බන්ධ සැකකරුවන් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ ගත්තද එය එතරම් පහසු කාර්යයක් නොවී ය. පසුව මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කල අතර එහිදී ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙම මරණකාරියගේ යෝනි මාර්ගයේ ස්ථාන 03 කින් ලබා ගත් යෝනි ශ්‍රාවයන්ගෙන් සිදු කරන ලද පරීක්ෂණයන්ගෙන් ආගන්තුක ජෛව සාම්පල තිබී ඇති බවයි. මේ අනුව මෙම මරණය සම්බන්ධ පැහැදිලි නිගමනයකට පැමිණීමට මාතලේ පොලිස් නිලධාරීන්ට නොහැකි වීම මත මරණකාරියගේ නිවස ආසන්නයේ පුද්ගලයන්ගෙන් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලදී.

එලෙස ලද තොරතුරු අනුව මෙවැනි අපරාධයක් සිදු කළ හැකි බවට අනුමාන කළ හැකි පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජෛව සාම්පල මරණ කාරියගේ යෝනි ශ්‍රාවය සමඟ නොගැලපීම මත දෙවන සැකකරු වෙත පූර්ණ සැකය එල්ල විය. ඒ අනුව 2014.11.09 වන දින නදීෂා වරාපිටිය ඝාතනය සම්බන්ධයෙන් අදාල පුද්ගලයා සැක පිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කරන ලද අතර එහි දී අනාවරණය වූයේ මෙම ඝාතනය වු දිනයේ රාත්‍රී 12.00ට පමණ නදීෂාගේ නිවසට සොරකමක් කිරීමේ අරමුණින් මෙම සැකකරු නිවසට පැමිණ ඇති බවත්, නිවසේ ඉදිරි දොර අගුළු නොදමා තිබු නිසා එම දොරෙන් නිවසට ඇතුළු වී නදීශාගේ කාමරය වෙත පැමිණි බවත්, නිවසේ අල්මාරියේ තිබු වටිනා බඩු රැගෙන නිවසින් පිටව යාමට ගියත් නදීෂාගේ රූපය ඉදිරියේ නැවතී ඇය දෙස බලන්නට සිතුන බවත්, ඇය අතහැර දමා යාමට හිත නොදුන් බවත්, ඇති වූ අධික කාම ආශාව නිසා නදීෂා වෙතට යානවාත් සමඟම නදීෂා ඇස් අරිනු දුටු නිසා අසල තිබු කුළු ගෙඩිය ගෙන හිසට පහර දුන් බවයි.

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

සැකකරු විසින් අධිකරණය ඉදිරියේ ද සිය පාපෙච්චාරණය සිදු කල අතර,ඒ් අනුව ගරු නීතිපතිතුමා විසින් 2015.12.01 වන දින මෙම විමර්ශනයට අදාලව උපදෙස් ලබා දෙමින් සැකකරුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 435,364 සහ 296 වන වගන්ති යටතේ මහනුවර මහධිකරණයේ අධි චොදනා ගොණු කරමින් 2016.08.11 වන දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඩෙන්සිල් ජයවර්ධන නම් සැකකරු විසින්, නදීශා වරාපිටිය නැමැත්තියගේ මරණය සිදු කිරීම හේතුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනී මැරීමේ අපරාධයට වරදකරු කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන් විසින් තීරණය කරන ලද දිනයක දී ස්ථානයක දී බොටුවෙන් වැළලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියෝග කරන ලදී.

( මෙය 2014 වසරේ මාතලේ දිස්ත්‍රික්කයේථ වරාපිටිය ගම්මානයේ සිදු වූ සත්‍ය සිදුවීමක් වන අතර, නම් ගම් සියල්ල මන:කල්පිතයි 

ReeCha