මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දමයි

Report

කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සීමාව මේ වනවිට වසා දමා ඇති බව ගුවන් ගමන් මාර්ග සහ ගුවන් ගමනාගමන පාලන හඬපට උපුටා දක්වමින් FlightRadar ආයතනය සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එමෙන්ම බහරේනයද සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමූ බවයි නිවේදනය කරනු ලැබුවේ.

මෙම පුවත වාර්තා වන්නේ කටාර් රාජ්‍යය ද තාවකාලිකව සිය ගුවන් සීමාව එරට පිටිහි අමෙරිකානු හමුදා ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහා‍රයක් එල්ල වීමෙන් පසුව වසා දැමීමෙන් අනතුරුවයි. ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් Axios වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඉරානය විසින් කටාර් හි පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල 10ක් දියත් කර ඇති බවයි.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

මෙහිදී මෙහෙයුමේදී භාවිතා කළ මිසයිල සංඛ්‍යාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරයේදී එක්සත් ජනපදය භාවිතා කළ බෝම්බ සංඛ්‍යාවට සමාන වූ බවත්, ඉරාන හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයේදී ඉලක්ක කරගත් කඳවුර කටාර්හි නාගරික පහසුකම් සහ නේවාසික ප්‍රදේශවලින් බොහෝ දුරස්ව පැවති බවත් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) පවසනවා.

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්