අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්

Report

ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වී තිබේ.

  එය සංවිධානය කර ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරමිනි.

නමුත් රජයට හිතවත් සංගම් කිහිපයකට පමණක් මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබෙන බව ඇතැම් අධ්‍යාපන වෘත්තීය සමිති චෝදනා කරනු ලබයි.

තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හෝ ඒ සඳහා මොඩියුල සකස් කිරීමේදී ගුරු උපදේශවරුන්ගේ දායකත්වය මෙවර නොසලකා හැර ඇති බව සමස්ත ලංකා ගුරු උපදේශක සමිතිය චෝදනා කර තිබේ .

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය

ඒ වගේම මෙම ආණ්ඩුව විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව මුද්‍රණය කර තිබෙන මොඩියුලවල ළමයින්ට නුසුදුසු වෙබ් අඩවි සඳහන් වීමත්, විවිධ දෝෂ පවතින බවත් බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.

තවද විරෝධතාකරුවන් අවධාරණය කරනු ලබන්නේ ප්‍රතිසංස්කරණ තාවකාලිකව හකුලාගෙන සියලු අදාළ පාර්ශ්වයන් සමඟ නිසි පරිදි සාකච්ඡා කරමින් විධිමත් හා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යා යුතු බවයි. 

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ