ලසන්තගේ ඝාතනයට ඇල්ලූ 07දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු ලබන නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට අද (30) දින ඉදිරිපත් කළ විටදී මෙම නියෝගය ලබා දී ඇත.

ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියා.

ඉන් වෙඩික්කරු හා යතුරුපැදිකරු හැර වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් අද දින මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

එසේම වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ස්ටාටර් මෝටරය සවිකර අලුත්වැඩියාව කර දුන් වැලිගම වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක්ද අද දින මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ප්‍රශ්නකර ඇත්තේ වැලිගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා අනෙකුත් සැකකරුවෝ සම්බන්ධයෙන් කුමන වගන්තිය යටතේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන්නේද යන්නයි.

ඒ අනුව ඔවුහු එයට පිළිතුරු වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියට කරුණු වාර්තා කරන බව දක්වා සිටියා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන බව සඳහන්.

එබැවින් ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඊයේ (29) දින පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඔවුන්ව ඉදිරිපත් කර තිබුණා.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න