පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 07ක් ජීවිතක්ෂයට - තවත් පිරිසක් අතුරුදන්

Report

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පුද්ගල මරණ 07 ක් වාර්තා වී තිබෙනවා.

එසේම තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ උඩුදුම්බර මහවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පියා හා පුතා බව පොලීසිය ප්‍රකාශ කරයි.

මේ අතර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ ද නිවාස 10 ක් පමණ පස් කන්දකට යටවී ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර අද දින (27) පෙරවරුවේ සොයාගෙන ඇත. එමෙන්ම අඳාළ නිවාසවල තවත් කොපමණ පිරිසක් සිටියේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ද ආපදා කළමනාකරණ ඒකකය දක්වයි.

ආපදාවෙන් මහනුවර පුද්ගලයින් 04ක් අතුරුදන්

ආපදාවෙන් මහනුවර පුද්ගලයින් 04ක් අතුරුදන්

එමෙන්ම මහනුවර මහිංයගණ ප්‍රධාන මාර්ගයේ උඩුදුම්බර හා හුන්නස්ගිරිය අතර එලමල්පොත ප්‍රදේශයට පස් කන්දක් සමඟ විශාල ගල් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්