කොළඹ - කුරුණෑගල පාරේ සිදුවන මාරක අනතුර
By Zara
අද (10) දින කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුලු 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මේ අනතුර කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාල්ල මංසන්ධිය ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුව ඇත්තේ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ බූම් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙනි.
තුවාල ලැබූවන් මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.