සැරයන් පියාගේ දියණිය එස්.අයි එක්ක යාළු වෙලා - ගුටි බැට හුවමාරුවක්
ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ දියණියක සමග ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා හිතවත්කම් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.
ඒ අනුව ඇති වූ ගැටුමකින් ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා සහ ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයා කැපුම් තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව වරාය ත්‍රිකුණාමලය පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකි.
ත්‍රිකුණාමලය පරණ පොලිස් සංකීර්ණය තුළදී මෙම ගැටුම ඇතිවී ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනාගේ නිල නිවාස එකම ගොඩනැගිල්ලක වෙන් වශයෙන් පිහිටා ඇති බව සඳහන්. ත්‍රිකුණාලමය ත්‍රස්ථ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සැකකාර පොලිස් සැරයන්වරයාගේ දියණිය සමග හිතවත්කම් පවත්වා ඇති අතර ඊට කෝපයට පත් සැරයන්වරයා ඒ පිළිබදව විමසීමේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් අතරතුරදී මෙම ගැටුම ඇතිව තිබූ බව පොලිසිය කියයි.
එම නිලධාරීන් දෙදෙනා අතර ඇති වූ ගැටුමෙන් ත්‍රිකුණාමලය කොට්ඨාස ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ගොඩනැගිල්ලේ ඉදිරිපස වීදුරු දොර සහ නාන කාමරයේ වීදුරු දොර බිදී හානි සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිලධාරීන්ගේ දෙදෙනාගේ ගැටුම සිදුවන අවස්ථාවේදී පොලිස් සැරයන්වරයාගේ පුතා ද එම ගැටුමට සම්බන්ධවී ඇති බවට තොරතුරු සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.