පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව මේ ප්‍රශ්නය විසදන්න බෑ ..විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ ඝාතනය කිරීම..

Report

දිනෙන් දින උග්‍ර වන රිළා ප්‍රශ්නය විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ රිළවුන් ඝාතනය කිරීම බව එම ගැටලුව සොයා බලන රජයේ අංශවල සාකච්ඡාවට ලක්ව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය, වනජීවි අංශ ඇතුළු විවිධ පාර්ශ්ව ඒකරාශිවී මේ දිනවල රිළා ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින අතර, එම සාකච්ජාවලදී බොහෝ දෙනා පවසා ඇත්තේ සීඝ්‍ර ලෙස ඉහළ යන රිළා ගහණය පාලනය කිරීමට තිබෙන එකම විසදුම රිළවුන් ඝාතනය කිරීම බවය.

හිටපු ජනාධිපතිවරයකු හදිසියේ මියයයි..

හිටපු ජනාධිපතිවරයකු හදිසියේ මියයයි..

රිළවුන් ගහණය වේගයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් මේ වන විට පොල්, තැඹිලි, පලතුරු ඇතුළු වගාවන් රැසක් විනාශවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වනජීවි අංශවලට පැමිණිලි කර ඇත.

රිළා ප්‍රශ්නය විසඳීම සඳහා රිළවුන් මේ දිනවල වන්ද්‍යාකරණයට ලක් කළත් එහි ප්‍රතිඵල අත්විඳීමට තවත් වසර දහයක් පමණ ගත වෙතැයි වනජීවි අංශ සඳහන් කරයි.

එමෙන්ම, රිළවුන් අල්ලා දූපත්වලට රැගෙන යාම සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇත. වික්ටෝරියා සහ රන්දෙණිගල මහවැලි ජලාශයන්හි දූපත්වලට රිළවුන් ගෙන ගොස් දැමීම පිළිබඳව ද අවධානය යොමුවූවත්, එය ප්‍රායෝගික නොවන බව වනජීවි පශු වෛද්‍යවරු කියා සිටිති.

මීළඟ යුද හමුදාපතිවරයා කවුද?..

මීළඟ යුද හමුදාපතිවරයා කවුද?..

වගාවල අස්වැන්න විනාශ කරන රිළව් පන්නා දැමීමට වායු රයිෆල්, රතිඤ්ඤා දැමීම, වානර වෙස් මුහුණු පැලඳ රිළවුන් බියට පත් කිරීම වැනි ක්‍රමවේද භාවිත කළද ඒවා සාර්ථක නොවන බවද ගොවීහු පවසති.

මෙම සියලු කාරණා අනුව රිළවුන් ගහණ පාලනයට එකම ක්‍රමය වන්නේ රිළවුන් ඝාතනය කිරීම බව බොහෝ දෙනාගේ අදහසවී තිබේ.

පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව රිළා ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකළහොත් මෙරට කෘෂිකර්මාන්තයෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයිද රජයේ කෘෂිකර්ම අංශවල සාකච්ඡාවට ලක්ව ඇත.  

You may like this video