එක්වරම තීරණයක් ගනී. - අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ. - හෙට සිට ඇතුලේ සිදු වන ක්‍රියාවලිය මෙන්න.

Sri Lanka Magistrate Court Court of Appeal of Sri Lanka
By Wayomi Feb 20, 2025 09:43 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුවයි.

මෙම විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා, සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු සහභාගී වී ඇත.

එහිදී අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයින් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

විශේෂයෙන්ම අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඊට අමතරව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු කිරීමටද මෙම රැස්වීමේදී එකඟතාවය පළවී ඇත.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.


You May Like This Video👇

 

ReeCha