ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

CID - Sri Lanka Police Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 23, 2024 05:48 AM GMT
Wayomi

Wayomi

Report

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේසෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කළා.

මෙරට ආරක්ෂාව දැඩි කෙරේ. - පොලීසියෙන් හදිසි නිවේදනයක්.

මෙරට ආරක්ෂාව දැඩි කෙරේ. - පොලීසියෙන් හදිසි නිවේදනයක්.

 

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට.

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට.


නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත්ය.

කෙසේ වෙතත් කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.

වැටුණු ෆෝන් එක ගන්න ගිය තරුණිය ගල්පර දෙකක් අතර සිරවෙයි. - (VIDEO)

වැටුණු ෆෝන් එක ගන්න ගිය තරුණිය ගල්පර දෙකක් අතර සිරවෙයි. - (VIDEO)


මේ අතර මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,

"ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා."

අද පාන්දර කැලණි සරවියේ උඩු මහලේ සිදු වූ ඛේදනීය සිදුවීම. - සිසුවෙක් ජීවිතක්ෂයට.

අද පාන්දර කැලණි සරවියේ උඩු මහලේ සිදු වූ ඛේදනීය සිදුවීම. - සිසුවෙක් ජීවිතක්ෂයට.