සෙකන්ඩ් හෑන්ඩ් වාහන අඩුවට ගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සතුටු දායක ආරංචියක්!

Report

ඈතින් වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සදහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බවත් එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර් රථ මිල අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් දේශීය වශයෙන් පාවිච්චි කළ වාහන අලෙවිකරුවෝ පවසති.

මේ අනුව වැගන් ආර් වැනි පාවිච්චි කළ කුඩා වාහන මිලදී ගැනීමට සිටිනවා නම් වාහන මිලදී ගැනීමට නොයා ඒවාට නිසි මිලක් හැදෙනතෙක් බලාගෙන සිටීම නුවණක්කාර බව එම වෙළෙඳපොළ ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Trending News

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

වාහන ආනයන කරන්නන් ජපානෙන් වාහන අරගෙන මිලදී ගෙන එරට තබාගෙන ඇති බවත් ලංකාවෙන් ලැබෙන ඇණවුම් අනුව මෙරටට එවන බැවින් පසුගිය වසර හතකට පෙර ආකාරයට පැවැති වෙළෙඳපොළ මෙවර බලාපොරොත්තු විය නොහැකි බවත් ඔවුහු පවසති.

වාහන ආනයනයට ඉඩ ඇත්තේ මෙම වසරේ ජුලි 31 දා වනතෙක් පමණක් බැවින් වාහන විශාල සංඛ්‍යාවක් ආනයනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් වෙළෙන්දෝ පෙන්වා දෙති.

Trending News

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

කෙසේ වෙතත් මිල කීයක් වුවද වාහන ගැනීමට පාරිභෝගිකයා තුළ ලොකු උනන්දුවක් පවතින බවත් ඒ තුළ වාහන අලෙවිකරන්නන් වන තම් පාර්ශ්වයටත් ලීසිං සමාගම් සඳහාත් වාසිදායක වෙළෙඳපොළක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.