සියලුම වාහනවල රියදුරන්ට සහ මගීන්ට නිවේදනයක් - අද ඉඳන් මොන සීට් එකේ ගියත් සීට් බෙල්ට් අනිවාර්යයි
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් ආසන පටි නීතිය අද (20) දින සිට බලාත්මක කරන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව රථ වාහන පැදවීමේදී ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යය වන අතර, අධිවේගී මාර්ගවල ධාවනය කරන්නේ නම් වාහනයේ සිටින සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බව දන්වයි.
එමෙන්ම රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දුන්නද එම කාලය ඊයෙන් (19) අවසන් විය. එබැවින් අද සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කරයි.
ඒ අනුව සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන බඳ පටිය පැළඳීම අනිවාර්ය වන අතර, අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහනවල රියදුරු හා සියලු මගීන් ආසන බඳ පටි පැළඳිය යුතු වේ.