මේ අයට අද සිට ක්‍රියාත්මක වාහන ආසන පටි පැළදීමේ නීතීයේ වෙනසක්
අධිවේගී මාර්ගවල ගමන් කරනු ලබන සියලුම මෝටර් වාහන සඳහා ආසන පටි පැළඳීමේ දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් වාහන නිෂ්පාදනයේදී පසුපස ආසන පටි සවිකර නොමැති නම් ඒවා අලුතින් සවි කර ගැනීම සඳහා රියදුරන්ට තවත් අතිරේක කාලයක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම වාහන සඳහා අමතර මාස 3 ක විශේෂ සහන කාලයක් ලබාදී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා නිල වශයෙන් පවසයි.
කෙසේ වුවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි මෙම නව ආසන පටි නීතිය අද 20 වැනි දින සිට සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙරට පොදු මාවත්වල රථ වාහන පැදවීමේදී ඉදිරිපස අසුන්වල සිටින පිරිස් ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යය වන අතර, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කරන්නේ නම් අදාළ වාහනයේ ගමන් කරනු ලබන සියලුම මගීන් ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය දැඩිව දන්වා සිටියි.
ජනතාවගේ රේල් සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රථවාහනවල ඉදිරිපස අසුන්වල ගමන් ගන්නා පිරිස් මෙන්ම පසුපස ආසනවල ගමන් ගන්නා මගීන්ට ද එකසේ ආසන පටි පැළඳවීම නීතිමය වශයෙන් අනිවාර්ය කිරීමටයි වත්මන් රජය මෙලෙස විශේෂ පියවර ගෙන තිබේ.