කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්
ඉකුත් දා කඳපොළ ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා කඳපොල චන්දිරිගම ප්රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර ඇත.
මෙලෙස නාය යෑම හේතුවෙන් මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය ද අතුරුදන්ව ඇත.
නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර තිබේ.
පසුගිය 27 වනදා දහවල් එම ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් තිබුණි.
එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප්රදේශවාසීන් සදහන් කරයි .
මෙම සිදුවීමෙන් අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මක වේ.