හෙට සිට පාසල් වසා දැමීමක් ගැන කියපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න..දිවයින පුරා වැසෙන අනෙකුත් පාසල් ගැනත් සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න..

Ministry of Education Badulla Sri Lankan Schools Education Sri Lanka Presidential Election 2024
By Aruna Sep 12, 2024 05:33 AM GMT
Aruna

Aruna

Report

2024 ජනාධිපතිවරණය හේතුවෙන් හෙට(13) දිනයේ සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පසුගියදා ප්‍රකාශ කළ ද එම පාසල් හෙට දිනයේ සිට සුපුරුදු පරිදි පැවැත් වෙනවා.

මේ මස 13 වනදා සිට බදුල්ලේ තෝරාගත් පාසල් කිහිපයකට නිවාඩු දෙන බව මීට පෙර දැනුම් දුන්නද පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් ගනුලැබූ තීරණය අනුව කටයුතු කරන බවයි ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා ගගන සමග කියා සිටියේ.

අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?..එකවරම සිදු වූ දේ මෙන්න..

අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?..එකවරම සිදු වූ දේ මෙන්න..


කෙසේවෙතත්, ඌව පලාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙන්ම, මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවතින එක් පාසලක් මෙම මස 18,19 සහ 20 යන දිනයන්හි, වසා දැමීමට තීරණය කර ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ඌව පලාතේ එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවතින බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙන්ම,  මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවතින පාසල යන පාසල් ත්‍රිත්වයම ලබන 24 වන දිනත්, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..


ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවයි අදාල නිවේදනයේ සඳහන් වුණේ.

එයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

GalleryGallery